Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දියාවේ ”සෙල්ෆි” තහනම්




ඉන්දියාවේ ප්‍රසිද්ධ ස්මාරක ඉදිරියේ ‘සෙල්ෆි’ ඡායාරූප ගැනීම තහනම් කිරීමට ඉන්දීය බළධාරීන් විසින් පියවර ගෙන තිබේ.

මෙම තහනම අද (12) සිට එළඹෙන බ්‍රහස්පතින්දා (18) දක්වා ක්‍රියාත්මකයි.

ඉන්දීය සංචාරක අමාත්‍යංශය ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දින හතරක් පුරා ක්‍රියාත්මක වන මෙම තාවකාලික ‘සෙල්ෆි’ තහනම ඉන්දියාවේ සියලුම ප්‍රාන්ත වලට බලපැවැත්වෙන බවයි.

අගෝස්තු පහළොස් වෙනිදාට යෙදෙන ඉන්දියාවේ නිදහස් දින සැමරුම වෙනුවෙන් රටේ ආරක්ෂාව සහතික කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි බලධාරීන් පවසන්නේ.

සෙල්ෆි ගැනීමට ගොස් පසුගිය වසරේදී ඉන්දියාවේ 15 දෙනෙකු මියගොස් ඇති අතර ටජ් මහලේ පඩිපෙළකින් වැටී මියගිය ජපන් ජාතිකයෙකු හා නාග්පූර්හි විලක ගිලී මියගිය සිසුන් 7දෙනෙකුද ඒ අතර වනවා.