Wednesday, April 24, 2024

General line - 0115112241

රට ගැන ඇති වැරදි ප්‍රතිරූපය වෙනස් කිරීමේ වැඩපිළිවලක් දකුණු අප්‍රිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති අරඹයි




මෙරට මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ඇති වැරදි අවබෝධය නිවැරදි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමේ වැදගත්කම දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර පෙන්වා දෙනවා.

නෙත් නිවුස් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ දකුණු අප්‍රිකාව තුළ සිටින විදෙස් තානාපතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන තමන් මේ වන විටද ආරම්භ කර ඇති බවයි.

විදෙස් තානාපතිවරුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරණ තවත් මතයක් පිළිබඳව ද ඔහු මෙහිදී පැහැදිලි කළා.

දකුණු අප්‍රිකාවේ තීරු බදු රහිත වෙළදසැල් හරහා සිලෝන් ටී මිලදී ගැනීමටත් ජීවනී සහ ත්‍රීපෝෂ අප්‍රිකාණු රටවලට හදුන්වා දීම සඳහාත් සාකච්ඡා කරමින් සිටින බව දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මීට පෙර නෙත් නිවුස් වෙත පැවසුවා.