Friday, May 20, 2022

General line - 0115112241

සෞඛ්‍ය උපදෙස් කඩ කළ තවත් 1,434 කට පොලීසියෙන් අවවාද

635Views



සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළ තවත් පුද්ගලයින් 1,434 දෙනෙකුට පොලීසිය විසින් අවවාද කර තිබෙනවා. 

ඒ, බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදීම පරීක්ෂා කිරීමේ මෙහෙයුමේදීයි. 

එහිදී යතුරුපැදි 2,986 ක් සහ ත්‍රීරෝද රථ 2,367 ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 778 දෙනෙකු අනුයුක්ත කර සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.