Saturday, April 20, 2024

General line - 0115112241

දඩ මුදල් කඩිනමින් ගෙවන්න අධිකරණ අමාත්‍යංශයෙන් ළඟදීම නව ක්‍රමවේදයක්




දඩ මුදල් ගෙවීමට පහසු ක්‍රමවේදයක් ඉදිරියේදී හදුන්වා දෙන බව අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසනවා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ලේකම්වරයා සඳහන් කළේ ඊට අදාළ කටයුතු මේ වන විටත් සකස් කරමින් ඇති බවයි.

නඩු ප්‍රමාදයට බලපා ඇති හේතු සම්බන්ධයෙන් සහ ඒ සඳහා මේ වන විට ගෙන ඇති විසදුම් පිළිබඳව ද අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මෙහිදී අදහස් පළ කළා.