Saturday, April 20, 2024

General line - 0115112241

පැරා ලෝකඩ පදක්කම් ලාභී ප‍්‍රදීප්ට කැපිල්ලක්




2012 ලන්ඩන් පැරා ඔලිම්පික් තරගාවලියේදී මීටර් 400 – ටී 46 (එක් අතක් අප‍්‍රාණික) පිරිමි ධාවන ඉසව්වෙන් ශී‍්‍ර ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන් ප‍්‍රදීප් සංජය කී‍්‍රඩකයාට මෙවර රියෝ පැරා ඔලිම්පික් කී‍්‍රඩා උලෙළට සහභාගි වීමට අවස්ථාව ලබා දී නැතැයි නෙත් නිවුස් වෙත වාර්තා වනවා.

ප‍්‍රදීප් සංජය සහ ඔහුගේ පුහුණුකරු සමග ශී‍්‍ර ලංකා ආබාධිතවූවන්ගේ මලල කී‍්‍රඩා සංගමයේ නිලධාරීන් ඇති කර ගත් මතභේද තත්ත්වයක් ඊට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

ප‍්‍රදීප් සංජය සැලකෙන්නේ මෙරට පැරා ඔලිම්පික් කී‍්‍රඩා ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨ කී‍්‍රඩකයෙකු ලෙසයි. පසුගිය වසරේ එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැති ඒෂියා ඕෂියා ආබාධිතවූවන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී ප්‍රදීප් සංජය ප්‍රමුඛ ශ්‍රී ලංකා මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරිම්වල 6 වැනි ස්ථානයටද පැමිණියා.

කෙසේ වෙතත් රියෝ පැරාඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 7 දෙනෙකු සහභාගි වීමට නියමිතව තිබෙනවා. ඉන් ප‍්‍රදීප් සංජය ඉවත් කර ඇත්තේ ඔහු ලෝකඩ පදක්කම දිනා ගත් මීටර් 400 ඉසව්ව සඳහා ඔහු දැන් දක්ෂතා අතර නොමැති බව පවසමින්.

නමුත් ප‍්‍රදීප් සංජය මීටර් 100 ඉසව්ව සඳහා මේ වන විට කැපී පෙනන දක්ෂතාවක් පෙන්නුම් කර තිබියදීත් ඔහුට මෙවර රියෝ පැරාඔලිම්පික් කී‍්‍රඩා උළෙලට එක්වීමට අවස්ථාව නොදෙන්නේ මන්දැයි කී‍්‍රඩා විචාරකයින් බලධාරීන්ගේන් ප‍්‍රශ්න කරනවා.

ප‍්‍රදීප් සංජයට එම අවස්ථාව ලබා නොදෙන්නේ ඔහුගේ පුහුණූකරු ජෑන්ස් දිසානායක සමග ආබාධිත මලල කී‍්‍රඩා සංගමයේ නිලධාරින් ඇති කරගෙන ඇති මතභේද නිසා බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ප්‍රදීප් සංජය ද ඇතුළත් කරන්නේ නම් ක්‍රීඩකයන් දෙදෙනකුගේ පුහුණුකරු ලෙස ඔහුට මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරිමේ අවස්ථාව ලබාදීමට බලධාරින්ට සිදුවනු ඇත. මෙම තත්ත්වය මග හැරවීමට ප්‍රදීප් සංජය රියෝ පැරා ඔලිම්පික් ක්‍රීඩා උලෙළෙන් කපා අති බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩකයන් 7 දෙනා සම්පූර්ණ කිරිම සඳහා ශ්‍රී ලංකාවට කිසිසේත්ම බලාපොරොත්තු තබා ගත නොහැකි හෙල්ල වීසි කිරීමේ තරග ඉසව්වට ක්‍රීඩකයන් දෙදෙනකු ඇතුළත් කිරීමට පැරා බලධාරීන් උපක්‍රමශීලීව පියවර ගෙන තිබෙනවා.

කී‍්‍රඩා අමාත්‍යවරයාටද මේ පිළිබඳ දන්වා ඇති ප‍්‍රදීප්ගේ පුහුණුකරු ජෑන්ස් දිසානායක පැවසුවේ ආබාධිතවූන්ගේ මලල කී‍්‍රඩා සංගමයේ ප‍්‍රධානීන් දෙදෙනෙකුගේ ඕනෑ එපාකම් මත ප‍්‍රදීප් සංජයට මෙම අසාධාරණය සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් මෙම ගැටලුවට කී‍්‍රඩා අමාත්‍යවරයා කඩිනමින් මැදිහත්වන බවට පොරොන්දුවක් ලබා දී ඇති බවයි ජෑන්ස් දිසානායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.

14011836_10210344139146165_622744694_n 14012002_10210344139266168_1940373377_n