Saturday, April 20, 2024

General line - 0115112241

පළමු මාත්‍රාව ලබා නොගත් එකොලොස් ලක්ෂ 40,000 ක් තවමත් සමාජයේ




මෙරට වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයන්ගෙන් එකලොස් ලක්‍ෂ 40,000 ක් මෙතෙක් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන නැතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ ඉන් වැඩිම පිරිස වන එක් ලක්‍ෂ 38,000 කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන බවයි. කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන එන්නතේ  පළමු මාත්‍රාව හෝ ලබාගෙන නොමැති පිරිස එක් ලක්‍ෂ අට දහසක්. තවත් එක් ලක්‍ෂ 7,000 ක් මඩකලපුව දිස්ත්‍රික්කයේ සිටින බවයි රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේ. 

මෙතෙක් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව හෝ ලබාගෙන නොමැති වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සංඛ්‍යාව 64,100 ක්. යාපනයේ දිස්ත්‍රික්කයේ පමණක් පළමු මාත්‍රාව ලබාගෙන නොමැති වයස අවුරුදු 60 ට වැඩි පිරිස 20,000 ක් වන බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද පැවසුවේ.

මන්නාරම දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් 6,500 ක් ද මෙතෙක් එම මාත්‍රාව ලබාගෙන නැහැ. කුරුණෑගල සහ කළුතර දිස්ත්‍රික්කවලද පුද්ගලයන් 4,000 බැගින් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව හෝ මෙතෙක් ලබාගෙන නොමැති බවටයි හෙළි වී ඇත්තේ.

මේ අතර සිය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛi නිලධාරී කාර්යාලයට ගොස් තමන්ට හිමි එන්නත් මාත්‍රාව කඩිනමින් ලබාගන්නා ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය එම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.