Saturday, April 20, 2024

General line - 0115112241

චිත්‍රපටයක් නිසා ගුගල් සමාගමේ ප්‍රධානියාට ලෙඩක් වැටෙයි 




සිය අනුදැනුමෙන් තොරව තමන් නිෂ්පාදනය කළ චිත්‍රපටයක් යුටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීම සහ ඒ හරහා අති විශාල මුදලක් උපයා ගැනීම යන චෝදනා සම්බන්ධයෙන් ලොව සුප්‍රකට ගුගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිච්චායි ඇතුළු නිලධාරීන් 05 දෙනෙකුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

බුද්ධිමය දේපල උල්ලංඝණය කිරීම යන චෝදනාව යටතේ මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ බොලිවුඩයේ සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදකයෙකු වන සුනිල් දර්ශන් විසින්ය.

ඔහු විසින් තිර රචනය කොට නිෂ්පාදනය කරන ලද "Ek Haseena Thi Ek Deewana Tha" චිත්‍රපටය කිසියම් පාර්ශවයක් විසින් යුටියුබ් නාලිකාව ඔස්සේ මුදාහැර ඇති බවත් ඒ හරහා විශාල මුදලක් උපයා ඇති බවයි.

" මම මේ සම්බන්ධයෙන් ගුගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිච්චායිට චෝදනා එල්ල කර සිටිනවා. ඔහු මේ සම්බන්ධයෙන් වගකිව යුතුයි. මේ වන විට යුටියුබ් නාලිකාව හරහා එම චිත්‍රපටය බිලියනයකට අධික සංඛ්‍යාවක් නරඹා තිබෙනවා. මේ ගැන මම ගුගල් සමාගමට දැන්නුවත් ඔවුන් නිසි ක්‍රියාමාර්ග ගෙන තිබුනේ නැහැ' චිත්‍රපට නිෂ්පාදක සුනිල් දර්ශන් සඳහන් කර සිටියා.

ඒ අනුව ගුගල් සමාගමේ ප්‍රධාන විධායක  නිලධාරිවරයා ඇතුළු සේවකයින් 05 දෙනෙකුට එරෙහිව මුම්බායි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්වී කර ඇත.

ඉන්දීය ජාතිකයෙකු වන ගුගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා එරට පුරවැසියෙකුට පිදෙන තුන්වන ගෞරව සම්මානය වන පද්ම විභූෂණ සම්මානයෙන් පිදුම් ලබා සිටිනවා.