Friday, March 29, 2024

General line - 0115112241

යුක්රේනය ගැන රුසියාව කළ ඉල්ලීමක් අමෙරිකාව ඉවත දමයි




යුක්රේනය, නේටෝ සංවිධානයෙන් තහනම් කරන ලෙස රුසියාව කළ ඉල්ලීම අමෙරිකාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. රුසියාව මෙම ඉල්ලීම කර තිබුණේ අසල්වැසි යුක්රේනය ආක්‍රමණය කිරිමට සැරසෙන බවට රුසියාවට චෝදනා එල්ල වෙමින් ඇති පසුබිමක් තුළයි.

කෙසේවෙතත් රුසියාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් රුසියාවට දන්වා ඇත්තේ යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ඉදිරිපත් කරන බව හා රුසියාව එය තෝරා ගත යුතු බවයි. කෙසේවෙතත් සිය ඉල්ලීම සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රතිචාරය තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවයි රුසියාව පැවසුවේ.

යුක්රේනය පදනම් කර ගනිමින් රුසියාව හා අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කිහිපයක් අතර මේවනවිට මතභේදාත්මක තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ඊට හේතු වූයේ රුසියාව විසින් අසල්වැසි යුක්රේනයේ දේශ සීමාවට ආසන්නයෙන් සිය හමුදා භටයින් විශාල පිරිසක් ස්ථාන ගත කිරීමටයි. එහි ප්‍රතිපලයක් ලෙස යුක්රේනය ආක්‍රමණය කිරීමට සැරසෙන බවට රුසියාවට චෝදනා එල්ල වූ අතර රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.