Friday, March 29, 2024

General line - 0115112241

ගුරුවරු 4,000 කට විදුහල්පති තනතුර දෙන්න දේශපාලන සෙල්ලමක් ගැන අනාවරණයක්




ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විදුහල්පති සමිති සන්ධානය හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කර එක්දින සංකේත වැඩවර්ජනයක නිරතවීමට සූදානම් වනවා. ලියාපදිංචි විදුහල්පති සංගම් 11 න් අටකම විදුහල්පතිවරුන් 11,000 ක් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි විදුහල්පති සමිති සන්ධානයේ සාමාජික නිමල් මුදුන්කොටුව පැවසුවේ.

සිය ගැටළුවට බලධාරීන් විසදුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු සදහන් කළේ.

මේ අතර බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවකයන් ඊයේ ආරම්භ කළ එක්දින සංකේත වැඩවර්ජනය අද පෙරවරු 7 න් අවසන් වුණා. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීමක් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 16 ක සේවකයින්  එලෙස වර්ජනයේ නිරත වුණා.

එහෙත් සිය ගැටළුවලට විසදුම් නොලැබීම හේතුවෙන් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සුදානම් වන්නේ. එහි කැදවුම්කරු රවී කුමුදේෂ් පැවසුවේ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන දිනය හෙට දිනයේ තීරණය කරන බවයි.