Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්ධන ගන්න ඩොලර් මිලියන 500 කට ඉන්දියාවෙන් අනුමැතිය




ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ලබාදීමට ඉන්දිය රජය ඉකුත්දා තීරණය කළ අතර ඊට එරට රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එම මුදල්වලින් මාර්තු මාසය වන විට ඉන්ධන ආනයනය කිරීමට හැකිවනු ඇති බවයි බලශක්ති අමාත්‍යංශය පැවසුවේ. එම ණය මුදල ලබාගැනීම සඳහා ඉකුත්දා ඉන්දිය විදේශ අමාත්‍ය එස් ජේයි ශංකර් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා.