Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාවේ මුම්බායි නුවරත් වකුගඩු ජාවාරමක්




ඉන්දියාවේ මුම්බායි නුවර කේන්‍ද්‍ර කරගනිමින්ද වකුගඩු ජාවාරමක් සිදුව ඇතැයි අනාවරණ වී තිබෙනවා.

බටහිර මුම්බායි නුවර රෝහලක සේවය කරන වෛද්‍යවරුන් පිරිසක් මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන වෛද්‍යවරුන් පස් දෙනෙකුද හදුනාගෙන තිබෙනවා.

ඉන්දියාවේ පිටිසර ගම්පළාත්වල ජනතාවගෙන් වැඩි පිරිසක් මේ වනවිටද සිය වකුගඩු මුදලට විකිණීමට යොමුවී ඇති බවයි මූලික පරීක්‍ෂණයේදී හෙළි වී ඇත්තේ.