Friday, April 19, 2024

General line - 0115112241

පිහිනුම් කී‍්‍රඩිකාවන් දෙදෙනෙක් එකට කරපු දේ (VIDEO)




මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ මීටර් 100 නිදහස් ආර පිහිනුම් කාන්තා ඉසව්වේ කී‍්‍රඩිකාවන් දෙදෙනෙකුට අපූරු සිදුවීමක් සිදුව තිබෙනවා.

එම ඉසව්වේ අවසන් තරගයේදී අමෙරිකාවේ සිමොනේ මැනුඑල් සහ කැනඩාවේ පෙනී ඔලෙක්ෂාක්ත එම තරගය එකම කාලයකින් නිම කිරීම නිසා තරග විනිශ්චය කළ නිලධාරීන්ද මහත් අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කි‍්‍රඩිකාවන් දෙදෙනාම එම පිහිනුම් ඉසව්වෙ නිම ක‍ළේ තත්පර 52.70කින්. කෙසේ වෙතත් රන්පදක්කම හිමි කී‍්‍රඩිකාව තෝරා ගැනීමට එම තරග ඉසව්වේ දර්ශන නැවත විශ්ලේෂනය කිරීමටද ඔලිම්පික් නිලධාරීන් තීරණය කළා.

කෙසේ වෙතත් අධිතාක්ෂණ කැමරා දර්ශනවලට අනුව මෙම කී‍්‍රඩිකාවන් දෙදෙනාම තත්පරයක්වත් වෙනසක් නොමැතිව එම තරගය නිම ආකාරයක් අදාළ දර්ශනවල සටහන් වී තිබුණා.

මෙම කී‍්‍රඩිකාවන් දැක්වූ දක්ෂතාව නව ඔලිම්පික් වාර්තාවක් ලෙස සටහන් වූ අතර පසුව ඔවුන් දෙදෙනාටම රන් පදක්කම් දෙකක් ප‍්‍රදානය කිරීමට ඔලිම්පික් බලධාරීන් පියවර ගත්තා.

_90765392_034594647-1 13989676_10210344619238167_1810089767_n 14018006_10210344618198141_1840064909_n

120820161047014-1000x0 unnamed-12-7-800x565