Friday, April 19, 2024

General line - 0115112241

නිදහස හා ආදරය



පෙබරවාරි මාසය යනු නිදහස හා ආදරය පිළිබද වැඩි වශයෙන් කතාවන කාලයක්. ඉකුත් 04 වනදා ශ්‍රී ලංකාව සමරනු ලැබුවේ මෙරට 74 වන ජාතික නිදහස් දිනයයි. ආදරවන්තයින්ගේ දිනය ද මේ මස 14 වනදාට යෙදී තිබෙනවා. ආදරය සහ නිදහස පිළිබද ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනින් සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක් වූ ප්‍රවීණ ලේඛක සුජිත් අක්කරවත්ත.

මනෝ උපදේශිකා අමා දිසානායක ද එහිදී අදහස් පළ කළා.

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මෙරට ජනතාවට මෙවර ද නවමු අත්දැකීමක් ලබාදීමට නෙත් එෆ් රේඩියෝව සැලසුම් කර තිබෙනවා. කොන්දේසි විරහිත ආදරය ලෙස නම් කර ඇති එම වැඩසටහන ලබන 18 වනදා පැවැත්වෙන්නේ කොළඹ බිෂොප් විiාලයීය ශ්‍රවණාගාරයේදීයි. එදින සවස හතේ සිට ඈන්ට්ස් කණ්ඩායම විසින් සංගීතයෙන් රසවත් කරන එම සන්ධ්‍යාව ගීතයෙන් හැඩ කරනු ලබන්නේ කීර්ති පැස්කුවෙල්, සංඛ දිනෙත් සහ සමිතා මුදුන්කොටුවයි. 

ප්‍රවීණ දේශක තිස්ස ජනනායක සහ පුරාවිiාව පිළිබද ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ද එම වැඩසටහනට එක්වන්නේ විචාරත්මක ලෙස කොන්දේසි විරහිත ආදරය පිළිබද කතා කිරීමටයි.

එම ප්‍රසංගයට එක්වීමට අපේක්‍ෂා කරන ඔබට 011 2 50 70 80 නෙත් එෆ් එම් කාර්යාලය ඇමතීමෙන් හෝ මයි ටිකට්ස් ඩොට් එල් කේ වෙබ් අඩවියෙන් ප්‍රවේශපත්‍ර ලබාගත හැකියි.