Saturday, April 20, 2024

General line - 0115112241

මිලියන 500ක් ඉල්ලා අනුර සේනානායකට එන්තරවාසියක්




හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර අද (12) එන්තරවාසියක් යවා තිබෙනවා.

ඒ, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සති අන්ත පුවත්පතකට ලබාදුන් ප‍්‍රකාශයක් නිසා තම කීර්ති නාමයට හානි සිදුව ඇති බව පවසමින්.

අත්අඩංගුවට පත්වීමට පෙර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් සතිඅන්ත පුවත්පතකට ප‍්‍රකාශයක් ලබා දී තිබුණා.

එමගින් තමන්ගේ කීර්ති නාමයට හානියක් සිදුවූ බවයි කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පෙන්වා දෙන්නේ.