Thursday, March 28, 2024

General line - 0115112241

මංගලට දෙවන වරටත් ඔලිම්පික් ඉලක්කය වරදී




රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ මීටර් 50 බිම වැතිර වෙඩි තිබීමේ ඉසව්වට එක් වූ මංගල සමරකොන්ට ක‍්‍රීඩකයින් අතර මෙවරත් හිමිවූයේ අවසන් ස්ථානයයි.

ඒ සඳහා ක‍්‍රීඩකයින් 47 දෙනෙකු තරග වැදුණු අතර මංගල සමරකෝන් ලබාගත්තේ ලකුණු 601.8ක් පමණයි.

එම ඉසව්වේ වැඩිම ලකුණු ලබාගත් ක‍්‍රීඩකයින් අටදෙනා අවසන් වටයට පිවිසියා.

මංගල සමරකෝන් මීට පෙර මීටර් 10 වායු රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වට සහභාගි වූ අතර, එහිදී ඔහුට හිමි වූයේ 50 වැනි ස්ථානයයි.

14009953_10210344903845282_1427672343_n mangala