Friday, April 19, 2024

General line - 0115112241

බස් වර්ජනය අවලංගු වෙයි




අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් වර්ජනය අවලංගු කර තිබෙනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගත් බවයි.

ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේ ලබන බදාදා යළි මේ පිළිබද සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බවයි.

ජූලි මස පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි බස් ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලා පෞද්ගලික බස් සංගම් අද (03) රාතී‍්‍රයේ සිට මෙම වර්ජනය ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබුණේ.

මේ අතර බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා පවතින නිර්ණායකයන් වෙනස් කිරීමට පත් කෙරුණු විද්වත් කමිටුව සහ බස් හිමියන් අතර සාකච්ඡාවක් පවත්වා එහි වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි දින දෙක ඇතුළත එම සාකච්ඡාවද පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.