Saturday, April 20, 2024

General line - 0115112241

නොර්වේජියානු අගමැතිනිය ජනපති හමුවෙයි




වත්මන් රජය විසින් ගෙන යනු ලබන සංහිඳියාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංවර්ධනය පිළිබඳ ප‍්‍රශංසාව පළ කරන බව නෝර්වේජියානු රජය පවසනවා.

එරට අග‍්‍රාමාත්‍යවරිය වන එර්නා සෝර්බර්ග් පෙන්වා දෙන්නේ එය ශ‍්‍රී ලංකාවේ ඉදිරි ගමනට රුකුලක් වනු ඇති බවයි.

නෝර්වේජියානු අග‍්‍රාමාත්‍යවරිය සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. එහිදී ඇය මේ බව කියා සිටියා.

මෙරට ජලවිදුලි නිෂ්පාදනය, ධීවර කර්මාන්තය සහ තොරතුරු තාක්ෂණය දියුණු කිරීම සඳහා තාක්ෂණික ආධාර ලබාදීමට ද නෝර්වේජියානු අග‍්‍රාමාත්‍යවරිය මෙහිදී එකඟතාව පළ කළා.

ශ‍්‍රී ලංකාව මේ වන විට මැදි ආදායම් ලබන රටක් බවට පත්ව තිබෙනවා. එම නිසා මූල්‍ය ආධාර ලබාගැනීමට වඩා තාක්ෂණික හා වාණිජමය සහයෝගීතාවට ප‍්‍රමුඛතාව ලබාදිය යුතු බවයි නෝර්වේජියානු අග‍්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නේ.

ශ‍්‍රී ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රයෙහි වර්ධනය උදෙසා විදේශ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ප‍්‍රකාශ කළා.

එමගින් ආර්ථික ශක්තිය වර්ධනය කර රට සංවර්ධනය කරා ගෙන යාමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Norwegian Prime Minister Erna Solberg arrives (1) Norwegian Prime Minister Erna Solberg arrives (2) Norwegian Prime Minister Erna Solberg arrives (3) Norwegian Prime Minister Erna Solberg arrives (4) Norwegian Prime Minister Erna Solberg arrives (5) Norwegian Prime Minister Erna Solberg arrives (6) Norwegian Prime Minister Erna Solberg arrives (7) Norwegian Prime Minister Erna Solberg arrives (8) Norwegian Prime Minister Erna Solberg arrives (9) Norwegian Prime Minister Erna Solberg arrives (10) Norwegian Prime Minister Erna Solberg arrives (11) Norwegian Prime Minister Erna Solberg arrives (12) Norwegian Prime Minister Erna Solberg arrives (13)