Saturday, April 20, 2024

General line - 0115112241

බහු සංස්කෘතික ක්‍රිකට් තරගාවලිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළ පිළිගැනීමක්




ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති සිව්වෙනි විස්සයි 20 තරගය මෙල්බර්න් හි පිහිටි MCG ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. එහිදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් ගැන මුළු ඕස්ට්‍රේලියාවේ අවදානය දිනා ගනු ලැබුවා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවති  බහු සංස්කෘතික ක්‍රිකට් තරගාවලිය ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය විසින් සංවිධානය කරනු ලැබුවා. එලෙස ක්‍රිකට් තරගාවලියක් එරට සංවිධානය කරනු ලැබුවේ පළමු වරටයි.

මෙම තරගාවලිය " The Melbourne Renegades Champions League" ලෙස නම් තබා තිබු අතර ඒ සඳහා රටවල් කිහිපයක් නියෝජනය කරමින් කණ්ඩායම් ඉදිරිපත් කර තිබුණා.  

මෙම තරගාවලිය පුරා දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරනු ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම " The Melbourne Renegades Champions League" කුසලානය දිනා ගැනීමට සමත්වූ අතර ඊට සැලකිල්ලක් දැක්වීමට ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය පියවර ගෙන තිබුණා.

ඒ අනුව මෙම තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙල්බර්න් MCG ක්‍රීඩා පිටියට කැඳවා තිබු අතර එහිදී එරට ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු වශයෙන් කටයුතු කළ ඩිහාන් නම්මුණි දේවගේ සමග සම්මුඛ සාකච්ජාවක් ද සිදුකරනු ලැබුවා.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ඉතිහාසය තුල මෙවැනි තරගාවලියක් ජයග්‍රහණය කරනු ලැබූ කණ්ඩායමක් සඳහා සුවිශේෂි පිළිගැනීමක් සිදුකළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගතවනවා.

එමෙන්ම මෙම කටයුත්ත ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය සමග එක්ව සංවිධානය කරනු ලැබුවේ එරට සිටින ශ්‍රී ලාංකිකයින් වන වර්නන් තිසේරා සහ ජොහාන් ජයසිංහයි.

" The Melbourne Renegades Champions League" ජයග්‍රාහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පහත දැක්වේ :

අරෝෂ් ජනෝද, අමල් ඇතුලත්මුදලි, සසිත් සිල්වා, මොහොමඩ් අල්ෆාර්, මලිත් කුරේ, නයිජල් වෑන් ඩෙර් වෙර්ට්, ඇන්ඩි සොලමන්ස්, දමිත ප්‍රියදර්ශන, ඉජාස් අලව්, මිනෙත් හීන්කෙන්ද, රුවන්ත කැලපාත, සුරාජ් රන්දිව්, තවිෂ අත්තනායක, විනු මොහොට්ටි සහ තිවී සල්වතුර.