Wednesday, April 24, 2024

General line - 0115112241

තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ සිව්වෙනි ස්ථානයට



තේ අපනයනය කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව 04 වන ස්ථානයේ පසුවන බව ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී අනාවරණය කෙරුණා. 

ඊට එක්වූ “සන්බර්ඩ් සිලෝන්” පෞද්ගලික සමාගමේ ව්‍යාපාර සංවර්ධන කළමනාකාර හෂාලි පෙරේරා පැවසුවේ තේ අපනයනය කරන රටක් වන ඉන්දිය වෙළඳපොල ජය ගැනීමට ද ශ්‍රී ලංකාවේ තේ වලට මේ වන විට හැකිවී ඇති බවයි.

අගය එකතු කිරීම හරහා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ තේ සන්නාමයට තවත් ඉහළ ප්‍රසාදයක් දිනා ගැනීමට හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ලංකා බැංකුවේ, අක්වෙරළ ශාඛාවේ, බැංකු කටයුතු සහකාර මහා කළමණාකාර මංජුලා හේරත් ද මෙම සාකච්ඡාවට සහභාගී වුණා.