Friday, April 26, 2024

General line - 0115112241

වනිදුට ඉන්දීය සංචාරය අහිමි වෙයි 




ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතව ඇති  විස්සයි-20 තරගාවලිය අහිමි වී තිබෙනවා. 

ඒ ඔහු තවමත් කොවිඩ් -19 වෛරසයෙන් මෙතෙක් පුර්ණ සුවය ලබා නොමැති වීම හේතුවෙන්.

ඕස්ට්‍රේලියාවේ දී කොවිඩ් වෛරසය ආසාදනය වූ වනිදු හසරංග සිය අනිවාර්ය දින 07ක නිරෝධායන කාලයෙන් පසුව සිදුකළ PCR පරීක්ෂණයේදී තවමත් වෛරසය ආසාදනය වී සිටින බවයි හෙළිවී ඇත්තේ.

මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින වනිදු හසරංග හට ඉන්දියාව බලා යෑමට අවසර හිමිව නැහැ. ඒ අනුව ඔහුට ඉන්දීය විස්සයි 20 තරගාවලිය අහිමිවනු ඇති.

වනිදු හසරංග මීට පෙර ඕස්ට්‍රේලියාවේදී කොවිඩ් -19 වෛරසය ආසාදිත බවට හෙළිවීමෙන් පසුව ඔහුට ඔස්ට්‍රේලියානු තරගාවලියේ අවසන් තරග තුන අහිමි වුණා.