Friday, March 29, 2024

General line - 0115112241

පවන්තගෙන් ද්විත්ව ශතකයක්




අන්තර් සමාජ නැගී එන කි‍්‍රකට් තරගාවලියේදී සුපිරි ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සී සී සී කී‍්‍රඩා සමාජයේ නායක පවන්ත වීරසිංහ සමත් වුණා. ඒ ගුවන් හමුදා කී‍්‍රඩා සමාජය එරෙහිව ඉකුත්දා පැවති තුන් දින තරගයේදීයි. 

කටුනායක පැවති මෙම තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කළ ගුවන් හමුදා කී‍්‍රඩා සමාජය එහිදී ලකුණු 129ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස සී සී සී කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 369ක්. 

සුපිරි ඉනිමක් කී‍්‍රඩා කළ නායක පවන්ත වීරසිංහ නොදැවී ලකුණු 200ක් රැස් කිරීමට සමත්වුණා. පන්දු 262කදී රැස් කල පවන්තගේ ද්විත්ව ශතකයට හතරේ පහර 23ක් ඇතුලත්. 

මෙම තරගයේදී ගුවන් හමුදා කී‍්‍රඩා සමාජය දෙවන ඉනිම සදහා කඩුලූ 8කට ලකුණු 301 රැස් කළා. පිතෙන් දස්කම් දැක්වූ නායක පවන්ත වීරසිංහ මෙහිදී පන්දුවෙන්ද දස්කම් දක්වමින් ගුවන් හමුදා කණ්ඩායමේ දෙවැනි ඉනිමේදී ලකුණු 56කට කඩුලූ 4ක්ද දවා ගැනීමට සමත්වුණා. 

තරග නිමාවට පත්වුයේ ජය පරාජයෙන් තොරවයි. මෙම තරගයේදී පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක් වූ පවන්ත වීරසිංහ කොළඹ මහානාම විද්‍යාලයේ ආදි සිසුවෙක්.