Friday, March 29, 2024

General line - 0115112241

දෙවන විස්සයි 20 තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරඟය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා. ඒ, ධරම්සාලාහිදීයි. 

කාසියේ වාසිය හිමිකරගත් ඉන්දිය කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඉන්දිය කණ්ඩායම මෙම තරඟයට ක්‍රීඩා කරන්නේ පළමු තරඟයට සහභාගී වූ කණ්ඩායමේ කිසිදු වෙනස්වීමකින් තොරවයි. 

අද තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක සහ බිනුර ප්‍රනාන්දු කැඳවා තිබෙනවා. ඒ, ජනිත් ලියනගේ සහ ජෙෆ්රි වැන්ඩසේ වෙනුවටයි.