Friday, April 19, 2024

General line - 0115112241

රයිගම්ටෙලීස් 2020-2021 දෙවසරක රස (PHOTOS)




රයිගම්ටෙලීස් 2020-2021  දෙවසරක රස 2022 - පෙබරවාරි - 25වෝටර්ස් එජ් හිදී පැවැත්විය

මෙම සම්මාන උළෙල සදහා  ප්‍රධානආරාධිත අමුත්තා වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදනකොමිෂන්සභාවේ සභාපති  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත්අමරතුංග මහතා සහභාගිවිය.

සම්මාන උළෙලට නිර්දේශිත නාම 225ක් නිර්දේශ වී තිබු අතර මෙම වැඩසටහනේ  නිවේදක දෙපළ වශයෙන් තිසංක ගමගේ හා පූර්ණිකා පීරිස් කටයුතු කර තිබුනා,

නාමයෝජනා රාත්‍රිය සඳහා මොබිටෙල් ආයතනය හවුල්කාරීත්වය දරු අතර  ප්‍රධානහවුල්කාරිත්වය  සම්පත්බැංකුව ගෙන තිබුනා.

තවද  ආර්යා සනීපාරක්ෂක තුවා, අලියාන්ස් රක්ෂණ සමාගම සහ ඉමැජින් එන්ටටේන්මන්ට් ආයතනයත් අනෙකුත් හවුල්කරුවන් වශයෙන් සම්බන්ද විය

2019 ජනප්‍රිය හා විශිෂ්ටතම නිළිය ලෙස සම්මාන දිනූ ශලනී තාරකා විසින්  2021 ජනප්‍රිය කාණ්ඩය සඳහා මත පළකිරීම නිළවශයෙන් ආරම්භකලා

ජනප්‍රිය සම්මාන මත විමසුමට අදාල ජංගම දුරකථන යෙදවුම (රයිගම්ටෙලීස්මොබයිල්ඇප්)මෙහිදී හඳුන්වා දුන්නා  SMS  මනාප පළකිරීම සඳහා RA (හිස්තැනක්) ඔබ කැමතිම නළුවාගේ, නිළියගේ හෝ ටෙලිනාට්‍යයේ නම සඳහන්කර මොබිටෙල් 2244 / ඩයලොග් 2022 / හච් 8484 අංක වෙත කෙටි පණිවිඩයොමුකරන්න.

රයිගම්ටෙලීස්සම්මානඋළෙල 2022 මාර්තු 26 සවස 5-00 ට කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ දී පැවැත්වීමට නියමිතයි.