Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා යළි ලොවට ඇරයුම් කරමින් ‘One Island, A Thousand Treasures’ දියත් කරයි




2022 පෙබරවාරි 22 - කොළඹ -  දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව ‘නැරඹිය යුතුම’ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම වෙනුවෙන් සුවිසල් දායකත්වයක් දක්වන Cinnamon Hotels & Resorts  ඒ වෙනුවෙන් වූ නවතම ප්‍රයත්නයක් ලෙස ‘One Island Thousand Treasures’ ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා දියත් කරනු ලැබීය. 

මෙම නවතම වැඩසටහනෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ අප්‍රකට පුරාවෘත්තයන් හෙලි කරමින් ලෝකයේ බොහෝ සංචාරකයින් විසින් ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන සංස්කෘතිකමය වශයෙන් සුවිශේෂී වූ අදාළ කතාන්දරයන් ඔවුන් අතර ප්‍රචලිත කිරීමයි. 

සාමාන්‍ය ගමන් හා විනෝද චාරිකාවන්ගෙන් ඔබ්බට යමින් ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්ථාන, පුද්ගලයින් සහ සිදුවීම් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලොව පුරා සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීම Cinnamon හි අපේක්ෂාවයි.  

එහිදී සමාජ මාධ්‍ය හා ඩිජිටල් අලෙවිකරණ අවකාශයන් හරහා ලොව පුරා රසිකයින් සම්බන්ධ කර ගනිමින්  ශ්‍රී ලංකාවට පැමිණීමට හා එම අත්දැකීම් විඳ ගැනීම සඳහා ඔවුන් දිරිමත් කිරීම සිදු වනු ඇත.
 
 මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Cinnamon Hotels & Resorts හි ප්‍රධාන විධායක නිලධාරී මයිකල් ස්වෙන්සන් මහතා සඳහන් කර සිටියේ ‘One Island Thousand Treasures’ වැඩසටහන තුළින් අප පොදුවේ දකින දේට වඩා අප්‍රකට ස්ථාන හා අත්දැකීම් පිළිබඳ දැනුවත් කිරීමෙන් ලෝකය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ආකර්ෂණය තව දුරටත් ඉහළ නැංවීමට අපි කටයුතු කරමින් සිටිනවා. 

මෙම නවතම අත්දැකීම් පිළිබඳව වඩා හොඳින් සොයා බැලීම වෙනුවෙන් සංචාරකයින් දිරිමත් කිරීමට මෙම වැඩසටහන පිටිවහලක් වනු ඇති අතරම ඒ තුළින් ශ්‍රී ලංකාව සංචාරකයන්ට යළි යළිත්  රස විඳිය හැකි ගමනාන්තයක් බවට  පත් කිරීමේ හැකියාව උදා වනවා. 

විශේෂයෙන් සොයා නොගත් ස්ථානයන්, දශක ගණනාවක් පුරා පෙන්නුම් කර ඇති අසමසම හැකියාවන් හා හෙලි කර නොමැති සංස්කෘතික වටිනාකම්වලින් පොහොසත් රටක් ලෙස ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය අන්තර්ජාලය හරහා ප්‍රදර්ශනය කර ශ්‍රී ලංකාව නැරඹිය යුතුම ගමනාන්තයක් බවට පත් කිරීම යුගයේ අවශ්‍යතාවයක් ලෙසද සඳහන් කළ හැකියි.” යනුවෙනි.
 
 එසේම මෙම ‘One Island Thousand Treasures’ වැඩසටහන තුළින් දේශීය කලා ශිල්ප නගා සිටුවීම මෙන්ම දේශීය ප්‍රජාවන් සඳහා නව ව්‍යාපාරික අවස්ථාවන් නිර්මාණය කිරීම ද අරමුණු කොට තිබීම තවත් විශේෂත්වයක් ලෙස දැක්විය හැකිය. 

බොහෝ දෙනා නොදන්නා සිදුවීම් සහ ඉතිහාසය ප්‍රවර්ධනය කිරීම තුළින් ආකර්ෂණීය සංචාරක නැවතුමක් සංචාරකයින් වෙත පිරිනැමීම තුළින් රටට තවත් බොහෝ දේ ලැබෙනු ඇති අතර එය මෙම ව්‍යාපාරයේ ප්‍රමුඛ අරමුණක් වන තවත් බොහෝ කර්මාන්තයන්හි පාර්ශවකරුවන් රැසකට ද සුවිසල් අස්වැසිල්ලක් වනු නිසැකය.
 
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපතිනි කිමාර්ලි ප්‍රනාන්දු මහත්මිය 

“Cinnamon Hotels & Resorts” විසින් හඳුන්දෙනු ලැබූ මෙම නවතම වැඩසටහන තුළ වර්ධනය වෙමින් ඇති නිර්මාණාත්මක අන්තර්ගතය හා සිත්ගන්නා සුළු කතාන්දර ඉදිරිපත් කිරීමේ  ප්‍රවණතාව නිසාම ඒ සමඟ එක් වන්නට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා. 

Cinnamon හි ‘One Island Thousand Treasures’ වැඩසටහනට සම්බන්ධවීම තුළින් වැඩසටහන් නිර්මාණකරුවන්, සමාජ මාධ්‍ය බලපෑම් සිදුකරන්නන් හා සංචාරකයින් එක්ව සැබැවින්ම දකින දේ සහ ඇසෙන දේ සොයා ගැනීමේ අභියෝගය භාරගනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. 

ශ්‍රී ලංකාව තුළ දැන ගැනීමට ඇති බොහෝ වටිනාකම් ඇති බවට කිසිඳු සැකයක් නොමැති අතර වඩා ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේදී ඒ ආකාරයේ වැඩසටහනක් ඉතා වැදගත් වන බවද මෙහිදී සඳහන් කළ හැකියි.” යනුවෙන් පවසා සිටියාය.
 
 මේ යටතේ ඩිජිටල් නිර්මාණකරුවන් හට Cinnamon Hotels & Resorts කණ්ඩායම සමඟ එක්ව One Island Thousand Treasures වෙබ් අඩවිය හරහා හෝ Facebook, Instagram එසේත් නොමැති නම් YouTube හි @CinnamonHotels හා #OneIslandThousandTreasures ටැග් කිරීම තුළින් ඔවුන් මෙතෙක් සිදුකර ඇති සොයා ගැනීම් පටිගත කර බෙදා ගැනීමට අවකාශ උදා වේ.  

සුවිශේෂී ස්ථානයක්, පුද්ගලයන් හෝ සංස්කෘතිකාංග පිළිබඳව නිවැරදි ශ්‍රී ලාංකේය තොරතුරු ඇතුළත් කතාවක් ඒ ආකාරයෙන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මඟින්  එම එක් එක් යොමු කිරීම් සමාලෝචනය කරනු ලබයි. 

තෝරාගත් වටිනා තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයන්/ අන්තර්ගත නිර්මාණකරුවන් හට Cinnamon Hotels & Resorts ඇතුළු තවත් සන්නාම රැසක අනුග්‍රාහකත්වය යටතේ සුවිශේෂී ප්‍රවර්ධන වට්ටම්, දීමනා සහ සංචාරයන් හිමිකර ගැනීමටද මේ යටතේ අවස්ථාව උදා වේ.
 
 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව Cinnamon Hotels & Resorts විසින්  ඉදිරිපත් කරනු ලබන ‘One Island Thousand Treasures’ වැඩසටහනෙහි  නිර්මාණ සහකරු ලෙස කටයුතු කරන්නේ Dentsu Grant ආයතනයයි. 

මෙම වැඩසටහන පිළිබඳව සහ එහි කොටස්කරුවකු වීම සම්බන්ධ වැඩි විස්තර www.OITT.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ www.facebook.com/cinnamonhotels සහ www.instagram.com/cinnamonhotels යන Cinnamon හි සමාජ මාධ්‍ය නාලිකා වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.