Saturday, April 20, 2024

General line - 0115112241

ශ‍්‍රීලනිපයේ සැඟවුණු ”ඩීල්” එක ඇමති ඩිලාන් හෙළි කරයි (VIDEO)




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩීල් එකක් ඇතැයි එහි මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙත් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.

මෙහිදී වැට් ගැටලුව පිළිබඳව අමාත්‍යවරයා අදහස් දැක්වූ අතර බදු නොගසා රටක් ගෙන යා නොහැකි බවත් , මල නොතලා රොන් ගන්න අයුරින් බදු ගැසිය යුතු බව ඔහු පැවසුවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳවද අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තම පක්ෂය දැන් පුද්ගලයින් වටා නොව ප්‍රතිපත්ති වටා ගමන් කරන බවයි.තම පක්ෂය කැඩී ගොස් නැති බවත් එසේ පෙන්වීම එජාපයේ වුවමනාවක් බවත් අමාත්‍යවරයා පැවසුවා.ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ඇති  ‘ඩීල්‘ එකක් සමබන්ධව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළකරනවා.

වීඩියෝව පහතින් බලන්න