Thursday, April 25, 2024

General line - 0115112241

කෝටිපති ව්‍යාපාරිකයෙකු වෙඩි තබා මරයි – වසරකදී ඔහුගේ ඥාතීන් 3කුත් එලෙසම මරා දමලා




අම්බලන්ගොඩ මානිමුල්ල ප‍්‍රදේශයේදී ඊයේ රාත‍්‍රී කෝටිපති ව්‍යාපාරයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. වයස අවුරුදු 53ක් වූ ඔහු හැලඹගේ පේ‍්‍රමසිරි නමැත්තෙක්.

සිය බාල පුතු සමග ජීප් රථයකින් නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම ව්‍යාපාරිකයා වෙඩි තැබීමට ලක්ව තිබෙනවා. වෙඩි තැබීම සිදුකර ඇත්තේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් බවයි පොලිසිය සැක කරන්නේ.

හැලඹගේ පේ‍්‍රමසිරි නමැත්තාට ඥාති සම්බන්ධතා සහිත තවත් තුන් දෙනෙකු ඉකුත් වසරක පමණ කාලයක් ඇතුළත ඝාතනයට ලක්වුණා.

මුලින්ම ඝාතනයට ලක්වූයේ හැලඹගේ ධම්මික නමැත්තෙක්. පසුව යසරත්න නමැත්තෙකු ඝාතනයට ලක්වුණා. මීට මාසයකට පමණ පෙර ඝාතනයට ලක්වූ සරත් නමැති හෝටල් හිමියා ද හැලඹගේ පේ‍්‍රමසිරි නමැත්තාගේ ඥාතියෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.