Friday, March 29, 2024

General line - 0115112241

ජාතික කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන 2022 : කැන්ඩොස් ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලබයි




ආහාර, සහල් හා  ආශ්‍රිත කර්මාන්ත ක්ෂේස්ත්‍රයට අයත් මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත අංශයේ ප්‍රථම ස්ථානයට හිමි ස්වර්ණ සම්මානය, මෙවර කැන්ඩොස් ස්න්නාමය යටතේ සිලෝන් චොකොලට් සමාගම විසින් හිමිකරගෙන ඇත.

මෙම සම්මාන උළෙල “රටට පණ දෙන කර්මාන්ත පුනරුදයකට“ තේමාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 15වෙනිදා බත්තරමුල්ල පිහිටි වොටස් එජ් (Waters Edge) හෝටලයේදී පැවැත්විණි. ප්‍රධාන කර්මාන්ත ක්ෂේස්ත්‍ර විස්සට අදාළව පැවති මෙම සම්මාන උළෙලේදී මහා පරිමාණ/ මධ්‍ය පරිමාණ යන අංශ සහ ක්‍ෂුද්‍ර පරිමාණ නිෂාදන අංශය යටතේ සම්මාන ප්‍රදානය සිදුවිය. එහිදී ප්‍රධාන කර්මාන්ත ක්‍ෂේස්ත්‍ර 20ට අදාළව මහා පරිමාණ නිශ්පාදන අංශය යටතේ ස්වර්ණ සම්මාන 20ක් රජක සම්මාන 20ක් සහ ලෝකඩ සම්මාන 20ක් බැගින් ප්‍රදානය කෙරිණි.

ඊට අමතරව ක්ෂුද්‍ර පරිමාණ නිෂ්පාදන අංශය යටතේ ජාතික මට්ටමින් ස්වර්ණ,රජක සහ ලෝකඩ සම්මානය බැගින් පිරිනමන ලදි.

මෙමෙ සම්මාන උළෙලට සමගාමීව පවත්වන ලද ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය 2022 ඉකුත් 03,04,05,06 යන දිනයන් හීදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්විණි.

දිවයින පුරා විසිරී සිටින කර්මාන්තකරුවන්ට විවෘතව පැවති එම ප්‍රදර්ශනයේදී පළාත් මට්ටමින් හොදම කර්මාන්තකරුවන් තෝරාගැනීමක් සිදුවිය. ඔවුන්ගේ නිෂ්පාදන විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් පැවති ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය 2022 නැරඹීම පිණිස ද මෙවර විශාල පිරිසක් සහභාගී වූහ.  


(ඡායාරූපයෙන් දැක්වෙන්නේ කර්මාන්ත අමාත්‍යා විමල් වීරවංශ මහතා විසින් සැකසුම් ආහාර, සහල් ආශ්‍රිත කර්මාන්ත ක්ෂේස්ත්‍රයේ මහා පරිමාණ නිෂ්පාදන අංශයට හිමි ස්වර්ණ සම්මානය කුන්ඩසාල කර්මාන්ත ශාලාවේ කළමනාකරු තිලාන් ගුණරත්න මහතා වෙත පිරිනැමූ ආකාරයයි. මෙමෙ අවස්තාව සදහා කර්මාන්ත ශාලා පරිපාලන කලමනාකරු සමන් එදිරිආරච්චි මහතා ද සහබාගී විය)