Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට විශාල ඉලක්කයක් හිමිවෙන ලකුණු




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉන්දීය කණ්ඩායම මේවනවිට ලකුණු 342 ක් ඉදිරියෙන් සිටිනවා. ඒ, දෙවන ඉනිමට කඩුළු 05 ක් දැවී ලකුණු 199 ක් රැස් කරමින්. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 252 ක් රැස්කර සිටිනවා. ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාවට රැස් කිරීමට හැකිවූයේ සියලුදෙනා දැවී ලකුණු 109 ක් පමණයි. දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් වන මෙම තරගය පැවැත්වෙන්නේ බෙංගලූරු හිදීයි. තරගයේ දෙවන දිනය අදයි.