Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට අසිරූ ඉලක්කයක්




ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන දිනය නිමාවන විට  එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් රැස්කරගෙන සිටියා. ළහිරු තිරිමාන්න කිසිදු ලකුණක් නොලබා දැවී ගියා. 

නොදැවී පන්දුවට පහර දෙන නායක දිමුත් කරුණාරත්න ලකුණු 10ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 16ක් ලබා සිටිනවා. ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට සියළු දෙනා දැවී ලකුණු 252ක් රැස්කළ අතර ඔවුන් කඩුළු 09ක් දැවී ලකුණු 303ක් රැස්කර සිටියදී ඊයේ දිනයේ සිය දෙවන ඉනිම අත් හිටවනු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 109ක් පමණයි. ඒ අනුව මේ වනවිට ඉන්දීය කණ්ඩායම ලකුණු 419ක් ඉදිරියෙන් සිටිනවා. බෙංගලූරු හිදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ තුන්වන දිනය අදයි.