Friday, April 19, 2024

General line - 0115112241

උතුරු පළාත් මහඇමතිට හිටපු LTTE සාමාජිකයෙකුගෙන් කනේ පහරක්!




පුනරුත්ථාපනයේදී එල්. ටී. ටී. ඊ .සාමාජිකයකයන්ට විස එන්නත් ශරීර ගත කර ඇති බවට උතුරු පළාත් මහඇමතිවරයා ප්‍රකාශ කළ කාරණාවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව පුනුරුත්තාපනය ලැබූ හිටපු එල්. ටී. ටී. ඊ .සාමාජිකයකු සති අන්ත පුවත්පතකට පවසා තිබෙනවා.

නමින් විමලානන්දන් වන ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ජාතිවාදය පතුරවන්න උත්සහ කරන පිරිස් මෙවැනි පුවත් නිර්මාණය කරන බවයි.

පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ට විස එන්නත් ශරීර ගතකර ඇත්ද යන්න පිළිබඳව ජාත්‍යන්තර වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පරීක්ෂණයක් කළ යුතු බවට වන යෝජනාවක් උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී.වී. විග්නේෂවරන් පසුගිය දිනෙක පළාත් සභාවට ඉදිරිපත් කර තිබුණා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් හිටපු එල්. ටී. ටී. ඊ සමාජිකයා මෙසේද කීවේය.

‘‘නෙළුක්කුලම් පුනුරුත්තාපන කඳවුරේ 1300ක් පමණ දෙනෙක් හිටියා. කෑම බීම ඉවුවේ අපිමයි. කෑම පිටින් උයලා ගේන්නේ නැහැ. අපි වගේම ,අපිව බලා ගන්න හිටපු හමුදාවේ අයත් එකම කෑම තමයි කෑවේ.මම මාස 23යි දවස් 20ක් පුනුරුත්ථාපන කඳවුරේ හිටියා. හැබැයි ඒ වගේ එන්නතක් හරි බෙහෙත් දෙන එකක් හරි සිද්ධ වුණේ නෑ කියලා මට වගකීමෙන් කියන්න පුළුවන්. උතුරේ සමහර දේශපාලඥයින් බොරු කතා කියනවා දේශපාලන වාසි ගන්න. දෙමළ සන්ධානයේ අයයි උතුරේ ජාතිවාදය පතුරන්න හදන මාධ්‍යයි තමා මේ බොරු සමාජ ගත කරන්නේ. මම දන්නා තරමින් අපිට එන්නත් දුන්නේ නැහැ.ජනතාව තේරුම් ගන්න ඕනේ දෙමළ සන්ධානය සහ රටේ සංහිදියාවට අකමැති අය කියන කටකතා මිසක් මේ එන්නත් කතාවේ කිසිම සත්‍යතාවයක් නැහැ කියලා‘‘.