Saturday, April 20, 2024

General line - 0115112241

ආනන්දයේ "මිනෙත්" ගෙන් ශතක 03ක්




වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසැල් ක්‍රිකට් තරඟාවලියේදී සුවිශේෂ දක්ෂතා දැක්වීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ මිනෙත් ප්‍රේමරත්න සමත්වී තිබෙනවා. 

මෙවර තරඟාවලියේදී පිත්තෙන් දක්ෂතා දක්වමින් ඔහු මේ වන විට රැස්කරගෙන ඇති ශතක ගණන 03 ක්. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව ලකුණු 139 ක් රැස්කිරීම මෙවර තරඟාවලියේදී මිනෙත් රැස්කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාවයි. කඳාන ඩී මැසනද් විද්‍යාලයට එරෙහිව සහ ගාල්ල ශාන්ත ඇලොශියස් විද්‍යාලයට එරෙහිව නොදැවී ශතක රැස් කිරීමට ද ඔහු සමත් වුණා.