Friday, March 29, 2024

General line - 0115112241

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජනපති හමුවෙයි




ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ජේ ෂා (Jay Shah) අද දින දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා ජේ ෂා ඇතුළු ආසියානු රටවල නියෝජිතයෝ 40දෙනෙක් මෙරටට පැමිණ සිටිනවා.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මේ අවස්ථාවට එක්ව සිටියා.