Friday, April 19, 2024

General line - 0115112241

2022 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළලේදී "නෙත් එෆ් එම්" සම්මාන ලබයි




මේ ඔබ සවන් දෙන්නේ මෙරට ප්‍රශස්ථම ප්‍රවෘත්ති වාර්තාකරණය හිමි නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයටයි. සැමවිටම මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින්, සීමා මායිම් අභිබවමින්, ඔබ වෙනුවෙන් ම දිවිහිමියෙන් කැප වෙමින්, වගකීම පෙරදැරිව සිදුකරන නෙත් නිවුස් මෙරට ප්‍රශස්ථම ප්‍රවෘත්ති බවට ඊයේ යළිත් තහවුරු වුණේ 2022 රාජ්‍ය සම්මාන උළලේදීයි. 

එහිදී මෙරට සියළු රේඩියෝ නාලිකා අතරින් ප්‍රශස්තම ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් තේරී පත්ව තිබූ නිර්දේශ දෙකම නෙත් නිවුස් වෙනුවෙන් හිමිව තිබුණා. ඒ, මෙරට රේඩියෝ ප්‍රවෘත්ති කලාවේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමිකම් කියන්නේ නෙත් නිවුස් පමණක්ම බව පසක් කරමින්.

මෙරට සුවහසක් රේඩියෝ අසන්නන් වෙනුවෙන් සැම විටම හොඳම දේ තිලිණ කරන නෙත් එෆ් එම් රේඩියෝව සුවහසක් අසන්නන්ගේ ජීවිතයටම බද්ධ වී සිටින්නේ හදවතින්ම ආදරයෙන්. නෙත් එෆ් එම් රේඩියෝවේ වගකීම් සහගත ආදරණීය ආමන්ත්‍රණය, මෙරට රේඩියෝ නාළිකා අතර හොඳම සන්නිවේදනය බවටද 2022 රාජ්‍ය සම්මාන උළලේදී තහවුරු වුණා.


එමෙන්ම ජන මනස නිවැරදි දිශානතියට යොමු කරන නෙත් එෆ් එම් බැලුම්ගල ප්‍රශස්ථ උදා වැඩසටහනට ද නිර්දේශ වුණා. 

 

නෙත් එෆ් එම්, එදත්, අදත්, හෙටත් මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින්, ආදරයෙන් ඔබ වෙනුවෙන්.