Friday, April 19, 2024

General line - 0115112241

පිළිතුරු නොමැති නිසා වෛද්‍යවරුන් වර්ජනයට සැරසේ




හෙට (04) දිනයේදී තමන් සිදුකරන වැඩවර්ජනය සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඊට නිසි ප‍්‍රතිචාරයක් නොලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප‍්‍රකාශ කළේ මේ නිසා සැළසුම් කළ පරිදිම හෙට දිනයේදී මෙම වර්ජනය කි‍්‍රයාත්මක කරන බවයි.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ අායුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එක්ව මෙම වර්ජනය ක්‍රියාත්මක කරණු ඇති.

වර්ජනයට බලපෑ හේතු පිළිබදවද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා අදහස් දැක්වමින් සඳහන් කළේ ඉන්දියානුවන් සඳහා මෙරට රැකියා වෙළඳපොළ විවෘත කිරීමට කටයුතු කිරීම, සයිටම් ආයතනයට විරෝධය පෑම සහ වෛද්‍යවරුන්ගේ දරුවන්ගේ පවතින පාසල් ගැටලුව ආදී කරුණු මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.