Thursday, April 25, 2024

General line - 0115112241

පහෙන් පහම ස්ටාර්ක්ට




සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව දිවා අාහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 55ක් ලබා සිටියේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ දැඩි ලෙස අසරණවෙමින්.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක් ලකුණු 10කට කඩුලු 3ක් ලබාගෙන සිටිනවා.

මෙහිදී සුවිශේෂි සිදුවීමක්ද වාර්තා වුණා.

තරඟයේදී මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවකට දිමුත් කරුණාරත්න දැවීගියේ කෙලින්ම පන්දුව කඩුල්ලේ දැවටීමෙන්.එය මෙම තරඟාවලියේ දිමුත් ස්ටාර්ක් හමුවේ දැවීගිය පස්වන අවස්ථාව වනවා.ඒ අනුව මෙතෙක් පැවති ඉනිම 5දීම දිමුත් දැවී ගොස් ඇත්තේ මිචෙල් ස්ටාර්ක් හමුවේයි.

කඩුල්ල දවා ගැනීම අනතුරුව මිචෙල් ස්ටාර්ක් එය අමුතුම ආකාරයටත් සමරනු ලැබුවා.