Saturday, April 20, 2024

General line - 0115112241

සන්කෙන් සමූහ ව්‍යාපාරය නිමකල ප්‍රමුඛතම සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය විවෘත කෙරේ (PHOTOS)




කැපිටල් ට්වීන්පික්ස් යනු සන්කෙන්  ව්‍යාපාර සමූහයේ තවත් අති සාර්ථක ව්‍යපෘතියකි.

මෙම මහල් 50 කින් සමන්විත නිවුන් කුළුණු දෙකෙහි  මහල්නිවාස 475ක් ඇතුලත් වන අතර නිවැසියන්ගේ පහසුව පිණිස වර්ග අඩි 40,000ක්  පුරා පැතිරුණු  පොදු පහසුකම්, ආපන ශාලා සහ විනෝද ක්‍රීඩා පහසුකම්ද ස්ථාපිත කර ඇත.

ගොඩනැගිලි සංකීර්ණයේ ප්‍රවිශ්ඨ මහලේ කාර්යාලයීය සහ වාණිජ කටයුතු සඳහා මෙන්ම එදිනෙදා ජීවන කටයුතු සඳහා පහසුකම් සලසා ඇති අතර,  50වන මහලේ අන්තර්ජාතික තලයේ ආපනශාලා සහ විවේකී සුවය සහිත  ඉඩ පහසුකම් වෙනුවෙන් වෙන්කර ඇත.  නිවැසියන්ටම වෙන්වුණු සේවා හා පහසුකම් සඳහා 8 වන මහල සම්පූර්ණයෙන්ම  නිර්මාණය කර ඇති අතර  එහි පිහිනුම් තටාක,  ව්‍යායාම මධ්‍යස්ථාන,   ළමා ක්‍රීඩාගාර, ආපන ශාලා වැනි අංග වලට අමතරව වරකට අමුත්තන් 250කට පමණ ඉඩ පහසුකම් සැලසිය හැකි පොදු විනෝද ශාලාවක්ද  (ක්ලබ් හවුස්) ස්ථාපිත කර ඇත.

ට්වීන්පීක්ස් ගොඩනැගිල්ල, අගනුවර මධ්‍යම වානිජ කලාපය මධ්‍යයේ පිහිටි කොළඹ 02, ස්ටේපල් මාවතේ අංක 24  දරන ස්ථානයේ ස්ථාපිත කර ඇති අතර, එය ප්‍රධාන රෝහල්, සුපිරි පාසල්,  දේවස්ථාන,  අවන්හල්, විනෝදාස්වාද සම්පාදන ස්ථාන,  සංචාරක ආකර්ෂණ, සිනමා ශාලා ආදියට තදාසන්න වන අතර ගාලු මුවදොර මෙන්ම බේරේ වැවටද සමීපාසන්න වේ.  ශ්‍රීලංකාවේ ඇති ප්‍රභලතම සංචාරක ආකර්ෂණයක් වන වරාය නගරය ද පිහිටා ඇත්තේ ට්වීන්පීක් හි සිට කිලෝමීටර 2ක් තරම් ආසන්නයෙනි. ට්වීන්පීක් නිවාස සංකීර්ණයේ වැදගත්කම සහ නිවැසියන්ට ලබාදෙන වටිනාකම්  නගරයේ ඉදි කෙරෙමින් පවතින් සෙසු මහල් නිවාස ව්‍යාපෘති වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බැවින් එය වඩාත් වාසිදායක ආයෝජනයක් වන බව  නොඅනුමානය.

සන්කෙන් ව්‍යාපාර සමූහය දේපොළ සංවර්ධනයේ සහ ඉඳිකිරීම් ක්ෂේත්‍රෙය් දැවැන්තයකු වන අතර ශ්‍රී ලංකාව තුළ වේගයෙන් සිදුවන සංවර්ධනයේ ප්‍රභල දායකයකුද වේ.  වසර 40 කට වඩා වැඩි පළපුරුද්දක් ඇතිව මහාද්වීප තුනක පිහිටි රටවල් නවයක ඉඳිකිරීම් ව්‍යාපෘති වල නියැලෙමින් සිටින සන්කෙන් ව්‍යාපාර සමූහය, අත්දැකීම් සහ ඉදිරිගාමී ක්‍රියාපිලිවෙළ අතින් වේගවත් ගමනක යෙදී සිටී.  සන්කෙන්හි විශ්වාසනීයත්වය සහ අතීත සාර්ථක වාර්තා ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත්ව ඇති අතර එහි අතිඋච්චතම ඵලයක් ලෙස කැපිටල් ට්වීන්පීක්ස් ව්‍යාපෘතිය අවිවාදයෙන්ම හඳුන්වා දිය හැක.

සම්පූර්ණයෙන්ම නිමකල කැපිටල් ට්වීන්පීක්ස් මහල් නිවාස අයිතිකරුවන් වෙත ලබාදීම 2021 දෙසැම්බර් මාසයේ අගභාගයේදී ආරම්භ කෙරුණු  අතර  නිවැසියන්ගේ පදිංචිවීම් නොබෝ දිනකින් ආරම්භ වනු ඇත. 

සීඝ්‍රයෙන්  ඉහළ යන උද්ධමනය හමුවේ දිනෙන් දින අගය වැඩිවන ඉඳිකිරීමක ආයෝජනය කිරීම යනු ඉතා නුවණැති ක්‍රියාවක් බව බොහෝ ආයෝජකයින්  මැනවින් දන්නා කරුණකි.  කොවිඩ් වසංගතයෙන් පසු ඉඳිකිරීම් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර  දේපොළ මිල ද වේගයෙන් වැඩිවෙමින් තිබේ.  එසේ වුවද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පරිණත දැවැන්තයෙකු වන සන්කෙන් ව්‍යාපාර සමූහය කැපිටල් ට්වීන්පීක්ස් ව්‍යාපෘතියේ නිෂ්පාදන වියදම් ඉතා සුහුරුව  සමබර කර ඇති අතර එහි මහල් නිවාස වල මිල ගනන් 2018 දෙසැම්බර්  මාසයෙන් පසුව මේ දක්වා කිසිදු සංශෝධනයකින් තොරව පවත්වා ගෙන යාමට සමත් වී ඇත. නාගරික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වසරින් වසර සියයට හතකට වඩා වටිනාකම් වැඩිවන පරිසරයක් තුළ කැපිටල් ට්වීන්පීක්ස් ව්‍යාපෘතියේ ආයෝජනය කිරීම අතිශය ලාභදායී ආයෝජනයක් වනු ඇත.  මේ වන විටත් බොහෝ ආයෝජකයෝ මෙහි වටිනාකම ඉතා හොඳින් වටහාගෙන සිටින අතර පසුගිය මාස 12ක කාලය තුල කැපිටල් ට්වීන්පීක්ස් ව්‍යාපෘතියේ මහල් නිවාස සදහා වන ඉල්ලුම වේගයෙන් වර්ධනය වෙමින් පවතී.

සන්කෙන් ව්‍යාපාර සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂක රන්ජිත් ගුණතිලක මහතා පවසන්නේ “පසුගිය වසර තුනක හතරක කාලයට පෙර පැවැති අමුද්‍රව්‍ය මිල ගනන් සහ ශ්‍රමික කුලී අනුපාත වලට සමගාමීව  කරන ලද  මිල නියමකිරීම් යටතේ අද අපි මේ ව්‍යපෘතියේ වැඩ සම්පූර්ණ කර තිබෙනවා. අද ඔබ මෙවැනි ඉඳිකිරීමක මිල නියම කරන්නේ නම්, පවතින වර්තමාන තත්ත්වය අනුව, ට්වීන්පීක්ස් නිවාස වල දැනට පවතින මිල මෙන් සියයට 50කින් වැඩි මිලක් ඒ සඳහා නියම කෙරෙණු නිසැකයි. මෙය, කැපිටල් ට්වීන්පීක්ස් මහල් නිවාස මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැනට පවතින විශිෂ්ඨතම ආයෝජන අවස්ථාවක්  බවට පත්වී තිබීම සඳහා බලපෑ ප්‍රබලතම හේතූන් අතරින් එකකි.”

මේ වන විට කැපිටල් ට්වීන්පීක්ස් ව්‍යාපෘතියේ අවසන් නිවාස කිහිපය පමණක් අලෙවිය සඳහා ඉතිරි වී ඇත.