Thursday, April 25, 2024

General line - 0115112241

මිරිහානේදී විදුලි සැර වැදී පුද්ගලයෙකු ජිවිතක්ෂයට




මිරිහානේ ප්‍රදේශයේ පිහිටි විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් මතට නැගී පුද්ගලයෙකු විදුලි සැර වැදීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

විදුලි කප්පාදුව නතර කරන ලෙසට ඉල්ලා මෙම පුද්ගලයා මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසට යන මාර්ගය ආසන්නයේ පිහිටා ඇති විදුලි ට්‍රාන්ස්පෝමර් කණුවකට නැග ඇති අතර එහිදී විදුලිසැර වැදීමෙන් ඔහු මරණයට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා එම අවස්ථාව වන විට මත්පැන් පානය කර සිට ඇති බවත් ඔහු කළුබෝවිල රෝහලට ඇතුලත් කරන විටදී ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා.