Thursday, April 25, 2024

General line - 0115112241

ජාතික මලල ක්‍රීඩා ශූරතා තරඟාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක්




දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන සියවැනි ජාතික මළල ක්‍රීඩා ශූරතා තරඟාවලියේ දෙවැනි දිනය වන අද දිනයේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් බිහිවුණා. 

ඉන් පළමු වාර්තාව පිහිටුවීමට සමත් වුණේ මීටර් 3,000 කාන්තා බාධක දිවීමේ ඉසව්ව නියෝජනය කළ නිලානි රත්නායකයි. විනාඩි 9 යි තත්ත්පර 40 යි දශම 2 යි 4 කින් එම තරඟය නිමකරමින් නිලානි එම වාර්තාව පිහිටුවීමට සමත් වුණා. 

මීටර් 800 කාන්තා ඉසව්වෙන් ගයන්තිකා අබේරත්න ද අද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. ඒ, විනාඩි 2 යි තත්තපර 1 යි දශම 4 යි 4 කින් එම ඉසව්ව නිමා කරමින්.