Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරය හිටපු එංගලන්ත ක්‍රීඩකයෙකුට




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත කණ්ඩායමේ හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පත්කර තිබෙනවා. 2019 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස පත් වූ ඔහු එංගලන්ත කණ්ඩායම 2019 වසරේ ICC ලෝක ශූරතාව දිනාගන්නා අවස්ථාවේ දී එම කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළා. 

ක්‍රිස් සිල්වර්වුඩ් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 06කට සහ එක්දින තරග 07කට ක්‍රීඩා කර ඇති අතර යෝක්ෂයර් සහ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත වෙනුවෙන්ද ක්‍රීඩා කර තිබෙනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු වසර දෙකක කාලයක් සඳහා ගිවිසුම් ගත වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. ඒ අනුව ක්‍රිස් සිල්වර්වුඩ්ගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා පිල එළඹෙන බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි.