Friday, April 26, 2024

General line - 0115112241

ජනාධිපති බයිඩන් සහ අගමැති මෝදි අතර උණුසුම් දුරකතන සාකච්ඡාවක්




ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි  අතර දුරකතන සාකච්ඡාවක් සිදුව තිබෙනවා. ඒ මේ දිනවල ඇමරිකාවේදී පැවැත්වෙන ඉන්දු ඇමරිකානු අමාත්‍ය සාකච්ඡාවලට සමගාමීවයි. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙහිදී නායකයන් දෙදෙනා ගෝලීය සහ කලාපීය කරැණු ගණනාවක් පිළිබද සාකච්ඡා කළ බවයි.

විශේෂයෙන් යුක්රේන අර්බුදය සහ රුසියාවට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.

ඇමරිකානු සහ බටහිර සම්බාධක මැද ඉන්දියාව රුසියාවෙන් අඛණ්ඩව බොරතෙල් මිලදී ගන්නා අතර පසුගිය දිනවල එම මිලදී ගැනීම් සැලකිය යුතු ලෙස  ඉහළ නංවා තිබෙනවා.

මෙය ඉන්දියාව ඇමරිකාවට සහ බටහිරට එරෙහිව යාමක් ලෙස ඇතැම් පාර්ශ්වවල අදහසයි.

කෙසේවෙතත් ඉන්දියාව යම් ප්‍රමාණයකට රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම සම්බාධකවලට එරෙහිව යාමක් නොවන බව ඇමරිකානු ජනාධිපතිවරයා මෙහිදී පැවසූ බව සදහන්.