Thursday, April 25, 2024

General line - 0115112241

සුපිරි කණ්ඩායම් දෙකකට මෙවර IPL තරගාවලියේ අත්වී ඇති ඉරණම




ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ පෙරලිකාර කණ්ඩායම් දෙකක් වන චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම්වලට මෙවර තරඟාවලියේදී මේ දක්වා සාර්ථක වීමට හැකිවී නැහැ. 

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ අවසන් ස්ථානයේයි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 09 වන ස්ථානයේ පසුවනවා. මෙම කණ්ඩායම් දෙකම තමන් සහභාගී වූ පළමු තරඟ 04 ම පරාජයට පත්වීම ඊට හේතුවයි. 

මෙවර තරඟාවලියේ මේ දක්වා පැවති තරඟ අතරින් පෙරමුණේ පසුවන්නේ රාජස්තාන් රෝයල් කණ්ඩායමයි. එම කණ්ඩායමේ, කණ්ඩායම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාරයි. 

එම කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මෙරට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග කටයුතු කරනවා. ඔහු දීර්ඝ කාලයක් ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය නියෝජනය කළේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟයි.