Thursday, April 25, 2024

General line - 0115112241

පකිස්තානයේ පුද්ගලයන් 8000 ක් අතුරැදන්




පකිස්තානය තුළ ගෙවුණු 2021 වර්ෂයේ දී පුද්ගලයන් 8000කට අධික පිරිසක් අතුරැදන්ව ඇතැයි අනාවරණය වනවා.

ඇමරිකානු රාජ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පොලිසිය, බුද්ධි අංශ සහ සෙසු ආරක්ෂක අංශ මෙම අතුරැදන්වීම් සදහා වගකිවයුතු බවයි.

පැහැරගන්නා පුද්ගලයන් පිළිබද කිසිදු තොරතුරක් අනාවරණය නොකිරීම, මෙන්ම ඔවුන් රහසිගත ස්ථානවල රදවා තැබීම මෙන්ම ර‍හසේ ඝාතනය කිරීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට චෝදනා එල්ල වී තිබෙනවා. 

මෙම අතුරැදන්වීම් 8000 පකිස්තානයේ සෑම පළාතකින්ම වාර්තා වී ඇති අතර පසුගිය වසරේ අවසන් මාස හයේදී සින්ද් ප්‍රාන්තයෙන් පමණක් වාර්තා වී ඇති අතුරැදන්වීම් සංඛ්‍යාව 1200ක්.

මේ අතර පකිස්තානයේ අතුරැදන්වීම් පිළිබද කාර්යාලය සදහන් කර ඇත්තේ ඔවුන් විසින් 2021 වසරට අදාළව අතුරැදන්වීම් පිළිබද ලිපිගොනු 8100 ක් පමණ විවෘත කර ඇති බවයි.