Thursday, April 25, 2024

General line - 0115112241

උගන්ඩාවට රැගෙන ගියේ මොනවා ද ? ශ්‍රී ලනකන් ගුවන් සමාගමෙන් නිවේදනයක්




පසුගිය 2021 වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරන ලද්දේ හුදෙක් වානිජමය මුහුණුවරකින් පමණක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කර සිටිනවා. ඒ, එම ගුවන් භාණ්ඩ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ විවිධ මතවලට ප්‍රතිචාර දක්වමින්.

2021 වසරේ පෙබරවාරි මාසයේ උගන්ඩා මුදල් නෝට්ටු ටොන් 102 ක් ප්‍රවාහනය කිරීම සඳහා ගුවන් භාණ්ඩ ඇණවුමක් ලැබී තිබූ බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ.

එය, සම්පුර්ණයෙන්ම වානිජමය ක්‍රියාදාමයක් වූ අතර එමඟින් ගුවන් සමාගමට සහ ශ්‍රී ලංකාවට විදේශ ආදායමක් ගෙන ඒමට හැකියාවක් ලැබී තිබෙන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කර සිටිනවා.

එම ගුවන් භාණ්ඩ තොගය පිළිබඳ තොරතුරු ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව සැකසූ කොන්ත්‍රාත් වගකිම් අනුව හෙළිදරව් කළ නොහැකි බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කර සිටින්නේ.

කෙසේ වුවද මිට පෙර ශ්‍රී ලනක්න් ගුවන් සේවය සඳහන් කර සිටියේ මෙලෙස තමන් ප්‍රවාහනය කරනු ලැබුවේ මුද්‍රිත භාණ්ඩ තොගයක් බවයි.