Thursday, April 18, 2024

General line - 0115112241

ජාතික ක්‍රිකට් පිළේ සහය පුහුණුකරු තනතුර නවීඩ් නවාස්ට හිමිවන ලකුණු




ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස නවීඩ් නවාස් පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
 
එම පත් කිරිම බොහෝ දුරට ලබන සතියේ සිදුකෙරෙනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කළේ.

නවීඩ් නවාස් මීට පෙර වයස අවුරුදු 19න් පහළ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළා.

2020 වසරේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව බංග්ලාදේශ කණ්ඩායම දිනා ගත්තේ ඔහුගේ පුහුණුකාරිත්වය යටතේයි.