Tuesday, April 16, 2024

General line - 0115112241

සාමකාමී විරෝධතාකරැවන්ට වෙඩි තැබීම පකිස්තානයේත් ජයටම




දින තුනක කාලයක් තුළ පකිස්තාන ආරක්ෂක අංශ විසින් සාමාකාමී විරෝධතාකරැවන් ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

මීට දින තුනකට පමණ පෙර ඇෆ්ගනිස්තාන දේශසීමාවට නුදුරැ ච්‍යාගී දිස්ත්‍රික්කයේ දී විරෝධයක නිරත වූ ට්‍රක් රථ රි‍යදුරකු හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව සදහන්.

ඔහු බේරාගැනීමට ඉදිරිපත් වූ තවත් පිරිසකට ද වෙඩි තබා ඇති අතර එහිදී පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මීට අදාළ දර්ශන සමාජ ජාලා ඔස්සේ හුවමාරැවීමත් සමග මෙම වෙඩි තැබීම්වලට විරෝධය පළකරමින් ප්‍රදේශ ගණනාවක විරෝධතා රැල්ලක් ආරම්භ වී ඇති බව සදහන්.

ඒවා විසුරැවා හැරීමට  ද හමුදාව විසින් වෙඩි තබා ඇති අතර එහිදී ද විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි පකිස්තාන වාර්තාවල දැක්වෙන්නේ. 

මෙම වෙඩි තැබීම් සම්බන්ධයෙන් පකිස්තාන හමුදාව වෙත දැඩි මහජන විරෝධයක් එල්ල වෙමින් ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළා.