Friday, March 29, 2024

General line - 0115112241

හින්දු කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ වර්ධනයක්




පකිස්ථානයේ, විශේෂයෙන්ම එහි සින්ද් ප්‍රාන්තයේ හින්දු කාන්තාවන් ඝාතනය කිරීම්, පැහැරගැනීම් සහ බලහත්කාරයෙන් ආගමට පරිවර්තනය කිරීම වැනි  සිද්ධීන්වල වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තා වනවා. 

පකිස්තානයේ සමාජ සහ නීති ක්‍රියාකාරිකයෙකු මෙන්ම  දේශපාලනඥයෙකු ද  වන  ජිබ්රාන් නසීර් පවසන්නේ බාලවයස්කාර ගැහැණු ළමයින් බලහත්කාරයෙන් ආගමට හැරවීම බහුලවීමට දූෂිත හා නූගත් නිලධාරි පැලැන්තිය ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

රෙජිස්ට්‍රාර්වරුන් සහ පොලිසිය විසින් ළමා විවාහ සඳහා පහසුකම් සපයන බවට ද ඔහු චෝදනා කර තිබෙනවා. 

මේ අතර පසුගිය මාසයේ රෝරි සින්ද් ප්‍රදේශයේ දී 18 හැවිරිදි පූජා කුමාරි නැමැති හින්දු තරුණියක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමක්  වාර්තා වුණා. 

පකිස්තාන වාර්තා සදහන් කළේ, ප්‍රදේශීය  මුස්ලිම් ප්‍රබලයන් දෙදෙනෙකු මෙම තරුණිය ඝාතනය කිරීමට සම්බන්ධ බවයි. 

මෙම ප්‍රබලයෙකුට අදාළ තරුණිය සමඟ විවාහ වීමට අවශ්‍ය වූ නමුත් ඇය එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව සදහන්. 
.