Friday, April 19, 2024

General line - 0115112241

මෙවර IPL තරගාවලියේ වැඩිම ලකුණු රාජස්ථාන් රෝයල්ස් පිල වාර්තා කරයි




මෙවර IPL ක්‍රිකට් තරඟාවලියේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට රාජස්තාන් රෝයල් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, දිල්ල කැපිටලස් කණ්ඩායමට එරෙහිවයි. 

එහිදී රාජස්තාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඬුලු 02 ක් පමණක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 222 ක්. විශිෂ්ඨ පිතිහරඹයක නිරතවූ ජොස් බට්ලර් පන්දු 65 කදී ලකුණු 116 ක් රැස් කළා. එය ඔහු මෙවර තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ 07 දී රැස් කළ තුන්වන ශතකයයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී කඬුලු 08 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 207 ක් පමණයි.

මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව රාජස්තාන් රෝයල් කණ්ඩායම තවදුරටත් පෙරමුණේ පසුවනවා. මෙම කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරයි.