Tuesday, April 16, 2024

General line - 0115112241

අගමැතිගේ හෙළිකොප්ටරයට රැපියල් මිලියන 550ක තෙල් වියදමක්




හිටපු අගමැති ඉම්රාන් ඛාන් අගමැති ධුරය දරන සමයේ  සිය බානිගාලා (Bani Gala) නිවසේ සිට අගමැති ලේකම් කාර්යාලය වෙත හෙලිකොප්ටරයෙන් ගමන් කිරීමට පාකිස්තාන රුපියල් මිලියන 550ක් වැය කර ඇති බව  අනාවරණය වී තිබෙනවා.

පාකිස්තාන මුදල් ඇමැති මිෆ්තා ඉස්මයිල් සදහන් කරන්නේ ජාතික මහා භාණ්ඩාගාරයෙන් වසර තුනකුත් මාස අටක් තුළ ඔහු වෙනුවෙන් මෙම මුදල වැය කර ඇති බවයි.

හිටපු අග්‍රාමාත්‍යවරයා බලයේ සිටියදී සෑම දිනකම පාහේ තම කාර්යාලය වෙත ගමන් කිරීම සඳහා හෙලිකොප්ටරයක් භාවිත කළ බවත්  අදාළ මුදල එම හෙලිකොප්ටරයේ ඉන්ධන සඳහා වැය කර ඇති බවත් සදහන්.

බලයට පත්වීමෙන් මාස කිහිපයකට පසු, සිය දෛනික ගමනාගමනය සඳහා හෙලිකොප්ටරයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් අගමැති ඉම්රාන් ඛාන්ට දැඩි  විවේචන එල්ල වී තිබුණා.

එහිදී එවකට ඉම්රාන් ඛාන් ආණ්‍ඩුවේ ප්‍රවෘත්ති අමාත්‍යවරයාව සිටි ෆවාඩ් චෞද්‍රි සිය අගමැති වෙනුවෙන් පෙනී සිටියේ අදාළ ගමනට කිලෝමීටරයකට වැයවන්නේ පාකිස්තානු රුපියල් 55 ක් පමණක් බව පවසමින්.

 මෙම කරැණු දැක්වීම් අසත්‍ය බවත්  ඉම්රාන්ගේ මිලියන ගණනක් වන ඉන්ධන වියදම පිළිබද තහවුරැ කිරීමට අවශ්‍ය සාක්ෂි තමන් සතුව ඇති බවත් ඔහු නව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.