Saturday, April 20, 2024

General line - 0115112241

ප්‍රහාරක ජෙට් යානා නිපදවන්නට බ්‍රිතාන්‍යයෙන් ඉන්දියාවට තල්ලුවක්




ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් අතර පසුගියදා  පැවති හමුවේ දී දෙරට අතර පුළුල් ආරක්ෂක හවුල්කාරිත්වයකට එකඟ වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ පළමු ඉන්දීය සංචාරයේ දෙවැනි දිනයේ දී සිදු වූ මෙම හමුව අතරතුර දී දේශීය ප්‍රහාරක ජෙට් යානා තැනීමට සහාය වීම ඇතුළුව ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ඉන්දීය අගමැතිවරයා සමඟ පුළුල් ලෙස සාකච්ඡා කර ඇති බව සදහන්. 

මිල අධික මිලිටරි උපකරණ ආනයනය අඩු කර තමන්ගේම ප්‍රහාරක ජෙට් යානා තැනීමේ වැඩපිළිවෙළක නිරත ව සිටින ඉන්දියාවට එම  ඉලක්කය සපුරා ගැනීමට බ්‍රිතාන්‍යය  සහාය දෙන බව අගමැති ජොන්සන් මෙහිදී අවධාරණය කර ති‍බෙනවා.

ඉන්දියාවේ  අවි ආනයනය රුසියාව මත දැඩි ලෙස රඳා පවතින අතර, 2016-2020 අතර එරට විසින් මිලදී ගත් විදේශීය ආයුධවලින් 50% කට ආසන්න ප්‍රමාණයක් රුසියාවෙන් ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ. 

මේ අතර,   ඉන්දියාව රුසියාවෙන් ඈත් කිරීමේ උත්සාහයක් ලෙස එක්සත් ජනපදය ද  ඉන්දියාවට වැඩි වශයෙන්  ආරක්ෂක උපකරණ සහ බලශක්තිය ලබා දීමට කටයුතු කර ඇති බව වාර්තාවනවා.