Friday, April 26, 2024

General line - 0115112241

ලොව ධනවත්ම පුද්ගලයා, ඊලෝන් මස්ක් ට්විටර් මිලට ගනී




ලොව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් සමාගම, ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක් හට අලෙවි කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ, ඔහු විසින් ඉදිරිපත් කරල ලද අමෙරිකානු ඩොලර් බිලියන 44ක ලංසුවකටයි. 

මේ වන විටත් ට්විටර් සමාගමේ සියයට 09ක කොටස් හිමි ඊලෝන් මස්ක්, ඉතිරි සියයට 91ක කොටස් වෙනුවෙන් මෙම දැවැන්ත ලංසුව ඉදිරිපත් කර තිබුණා. පළමුව ට්විටර් සමාගම ඔහුගේ මෙම ලංසුව ප්‍රතික්ෂේප කළ නමුත් දැන් එහි අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කර ඇත්තේ ඊට එකගතාවය පල කිරීමටයි. ඒ අනුව ඉදිරියේදී ට්විටර් සමාගම ඊලෝන් මස්ක් වෙත අලෙවි කිරීමට අදාළව සෙසු කොටස් හිමිකරුවන්ගේද එකගතාව ලබා ගනු ඇතී. 

ඊලෝන් මස්ක් යනු මේ වන විට ලොව සිටින ධනවත්ම පුද්ගලයායි. ඔහුගේ වත්කම ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 273යි දශම 06ක්. විද්‍යුත් වාහන ලොව පෙරළියක් සිදු කළ ටෙස්ලා සමාගමේ මෙන්ම අභ්‍යාවකාශ තරණය නව මානයකට ගෙන ගිය ස්පේස් එක්ස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා වන්නේ ඊලෝන් මස්ක්.  

2006 වසරේ එළි දැක්වූ ට්විටර් සතුව මේ වන විට සිටින ග්‍රාහකයින් සංඛ්‍යාව මිලියන 330කට අධිකයි.